
ප්‍රෝටීන් කියන්නේ ඔබටත් මටත් අපි හැමොගේම ශරීරවලට නැතුවම බැරි පෝෂ්‍ය කොටසක්. මෙම පෝෂ්‍ය කොටස නොඅඩුව ලැබෙන ආකාරයක් තමයි චිකන් කියන්නේ. නමුත් එතනින් ඔබ්බට ගිය විට චිcකන් වල ඇති තවත් පෝෂණ වාසි මොනවාද කියලා අපි දැන් බලමු.
චිකන් වල ඇති විටමින් B12 මිනිස් මොළය වර්ධනයට මහත් සේ උපකාරී වන අතර චිකන් වර්ග දෙකෙහිම මෙය අඩංගු වීමද තවත් විෂේශත්වයක්. මෙමඟින් දරුවන්ගේ ස්නායූ වර්ධනයටදන් චිකන් මහත් සේ උපකාරී වේ.
චිකන් වල ට්‍රිප්ටොෆෑන් සහ ඇමයිනෝ අම්ල අඩංගු වේ. මෙමඟින් මිනිස් මොළයේ ඇති සෙරොටොනින් ප්‍රමාණ වැඩි කරයි. සෙරොටොනින් මඟින් සිදුවන්නේ අපගේ සන්තෝස හැඟීම් වර්ධනය කිරීමයි. එම නිසා ධනාත්මකව එදිනෙදා වැඩ කරගැනීමට ඇති හැකියාව වැඩි වේ.
චිකන් වල මේද සහ තෙල් ප්‍රමාණය අඩු නිසා එම පෝශණ කොටස් වලින් ඇතිවන බලපෑම් ද චිකන් වල දුර්ලබයි. මෙම හේතුව නිසා චිකන් පරිබෝජනයෙන් ඇතිවන ගැටළු ද සීමිතය.
චිකන් වල ඇති ප්‍රෝටීන් සංගටක සහ අනිකුත් ඛනිජ සහ විටමින් මඟින් ශරීරයට ශක්තිය වඩවන අතර එදිනෙදා වැඩ කරගැනීමට අවශ්‍ය ජවය සහ අවධානය ලබගැනීමටද උපකාරි වෙනවා.
ඔබත් මින්පෙර මේ දේවල් දැන සිටියාද?