කෙසෙල් ගැන මේ දේවල් දැනගෙන හිටියාද?

Share on facebook
Share on twitter
Share on linkedin

කෙසෙල් කියන්නේ ඔබත් මමත් ගොඩාක් ආස කරන වගේම වයස් බේදයකින් තොරව ආහාරයට ගැනීමට හැකි පළතුරක් වගේම කෙටි ආහාරයක් විදිහටද අර්ථ දක්වන්න පුලුවන්.

නමුත් කෙසෙල් ගැන අපි නොදන්න ගොඩක් දේවල් තිබෙන බව ඔබ දැන සිටියාද?

ලොව පුරා කෙසෙල් වර්ග 1000 ක් පමණ තිබෙන අතර රටවල් 150ක පමණ කෙසෙල් වගා කටයුතු සිදු වේ. ලොව වඩාත්ම ප්‍රචලිත කෙසෙල් වර්ගය “කැවෙන්ඩිෂ්” වන අතර ගෝලීය කෙසෙල් සැපයුමට 47% පමණ මෙය දායක වෙනවා.

කෙසෙල් සැපයුමට වැඩිපුරම දායක වන්නේ ඉන්දියාව සහ චීනය යි. ඉන්දියාව වාර්ශිකව කෙසෙල් ටොන් මිලියන 29 ක් පමණ සපයන අතර, චීනය කෙසෙල් ටොන් 11 ක් පමණ සපයයි. ඊට අමතරව පිලිපීනය, බ්‍රසීලය, වැනි රටවල්ද ගෝලීය කෙසෙල් සැපයුමට දායක වනු ඇත.

ගෝලීය වශයෙන් නිපදවෙන කෙසෙල් ප්‍රමාණය 100% නිවැරදිව ගණනය කර නොහැකි වන්නේ බොහෝ රටවල් තම නිශ්පාදනය කුඩා වෙලෙද මධ්‍යස්තානයන්ට විකුණන බැවිනි. මේට හොදම උදාහරනය වන්නේ අප්‍රිකාවඉ.

ලොව පුරා විහිදී ඇති ඹ්හූමි ප්‍රමණයෙන් හෙක්ටයාර් මිලියන 5.6 ක් පමණ වෙන්කර ඇත්තේ කෙසෙල් වගාව වෙනුවෙනුයි. ඒ වගේම කෙසෙල් ආහාරයක් විදිහට හදුනාගෙන ඇත්තේ මීට වසර 10,000 කට පමණ ඉහතදීය එලෙසම මෙය මුලින්ම ඇමෙරකානුවන්ට හදුන්වා දී ඇත්තේ ස්පාඤ්ඤ මිෂනාරීවරුන් විසිනි.

කෙසෙල් අපනයනය කරන විට එම රටේදී කෙසෙල් කොළ පාට ස්වරූපයක් ගන්නා අතර, අවශ්‍ය රටට අපනයනය සිදු වී ටික කාලයකින් කෙසෙල් කහ පාට ස්වරූපයක් ගනියි.

මේ දේවල් ඔබත් මීට පෙර දැන සිටියාද?

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish