
ලෝකයේ දෙවෙනියට වැඩිම පිරිසක් පානය කරන්නේ තේ වන අතර ලොව පවතින පැරණිතම පානයන්ගෙන් එකක්ද වනවා. ඒ වගේම තේ, කෝපි වලට වඩා ඔබව ක්‍රියාකාරීව තබන්න උපකාරි වන්නේ, එහි ඇති අවම කැෆේන් ප්‍රමාණය හේතුවෙනි. තේ ගැන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන දැන් බලමු.
17 වන සියවස වන තෙක් චීනයේ පානය කර ඇත්තේ ග්‍රීන් ටී නමුත් විදේශීය වෙළදාමත් සමග තේ කල් තබාගත හැකි බව ඔවුන් සොයාගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බ්ලැක් ටී සොයාගෙන තිබේ.
ටී බෑග්ස් නිපදවුනේ අත් වැරදීමකින් බව ඔබ දැන සිටියාද? 1908 දී නිව් යෝක් හී තේ වෙළෙන්දෙක් සේද බෑග් වල අසුරා ඔහුගේ තේ විවිධ ආපන ශාලා වලට විකුණා ඇති අතර පසුව ඔහු දැක අත්තේ ආපන ශාලා වල වැඩ කරන සේවක සේවිකාවන් විසින් එම බෑග් වලම තේ පිලිගන්වන බවයි. මෙසේ සිදු කර ඇත්තේ කාලය ඉතුරුකරගැනීමට බව සදහන් වේ.
තේ පානය කිරීම ගුණදායක වනුයේ එහි ඇති පෝශණ සංගටක මගින්, පිළිකා, හෘද රෝග, දියවැඩියාව වැනි බොහෝ රෝග වලින් ඔබව ආරක්ෂා කරයි
තේ වලට වඩාත් ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය රාජ්‍යය වන අතර එය සිදු වී ඇත්තේ දෙවන චාල්ස් රජතුමා පෘතුගීසී කුමාරිකවක් වූ කැතරීන් කුමරිය විවාහ කරගැනීමෙන් පසුවය.
තේ ගැන මේ අපූරු දේවල් දැන සිටියද?