කෝපි වලින් හදන්න පුලුවන් රස කෑම මොනවාද කියලා බලමු

Share on facebook
Share on twitter
Share on linkedin
කෝපි කියන්නේ ඔබත් මමත් එදිනෙදා පානය කරන්න කැමති, සහ පානය කරන පානයක් කිව්වොත් නිවැරදී. ඒත් කෝපි වලින් හදාගන්න පුලුවන් තව රසවත් කෑම බොහොමයක් තියෙනවා කියලා ඔබ දැන සිටියාද? අපි දැන් ඒ රසවත් කෑම මොනාද කියලා බලමු.
 
1. තිරාමිසු: බොහොමයක් දෙනා දන්න සහ ගොඩාක් ආස කරන අතුරුපසක් වන තිරාමිසු, ඉතාලියේ උපන් අතුරු පසකි. කෝපි මෙහි අඩංගු වන ප්‍රධාන අමුද්‍රව්‍යක් වන අතර මෙහි රස තව වැඩි කිරීමට කොකෝවා ද එකතු කරයි. මෙය බොහෝ රට වල ඉතා ප්‍රසිද්ධ අතුරුපසක් වන අතර, විවිධ කේක් වර්ගද තිරාමිසු ලෙස සාදා ගැනීමට සූපවේදීන් උත්සහ ගනියි.
 
2. කෝපි කුකීස්: සුලු ආහාරයක් ලෙස ආහාරයට ගත හැකි කෝපි කුකීස් විශාල වශයෙන් කුඩා දරුවන් අතර ප්‍රසිද්ධයි. හවස තේ වෙලාවට, අමුත්තෙක් ආවම, වඩාත් ගැලපෙන කෝපි කුකීස් හදාගන්නත් ඉතාම පහසු වන අතර එහි රස තවත් වැඩි කර ගැනීමට චොක්ලට් චිප්ස් භාවිතා කරන්නත් පුලුවන්.
 
3. කෝපි කේක්: ඕනම කෙනෙක් ආස රසවත් ආහාරයක් වන කෝපි කේක් රටවල් බොහොමයක ප්‍රචලිත වන අතර විශේශයෙන්ම යුරෝපීය රටවල ඉතා ජනාදරයට පත් ආහාරයකි.
 
4. ස්ටේක්: ස්ටේක් වැනි ආහාරයක කෝපි අඩංගු වෙන්නේ කොහොමද? ස්ටේක් වලට විශාල වශයෙන් ඉල්ලුමක් තියෙන්නේ විදෙස් රටවල. විශේෂයෙන්ම ඇමෙරිකානු රටවල. ඒ ජනතාව කෝපි වලට ඇති ආසාව නිසා යම් යම් නගර වල ස්ටේක් වලට කෝපි මිශ්‍ර සිරප් එකක් එකතු කරගන්නවා.
 
5. කෝපි කැරමල්: කැරමල් කියන්නේ ඔබත් මමත් ගොඩාක් ආස අතුරුපසක්. කෝපි කැරමල් සාමාන්‍ය කැරමල් වගේම හදාගන්නා අතර වෙනසකට වෙන්නේ කෝපි කුඩු එකතු කිරීම පමණයි.
 
මේවා හදන්න ඔබත් දැන සිටියාද?
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish