පොල් වලින් සාදාගත හැකි රසවත් ආහාර

Share on facebook
Share on twitter
Share on linkedin

පොල් යනු පෝශණ ගුණයෙන් ඉහළ සහ ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ආහාරයකි. නමුත් පොල් වලින් ආහාර රස ගැන්වුවාට පොල් වලින්ම පමණක් පිළියෙල කරගන්න පුලුවන් රසවත් ආහාර මොනවාද කියල දැන් බලමු.

 
01. පොල් චිප්ස්: පිලියෙළ කරගැනීමට ඉතාමත්ම ලේසි ආහාරයක් වන පොල් චිප්ස් යනු, පුලුස්සා කට ගැස්මක් ලෙස සාදාගන්නා ලද පොල් කෑලි ය. සුදු පැහැයේ සිට ලා දුඹුරු පැහැය දක්වා පුලුස්සා රස බැලිය හැකි අතර ලුනු ගම්මිරිස් යොදා නැතිනම් පැණිත් සමඟද ආහාරයට ගත හැකිය
 
02. ඉඹුල් කිරිබත්: දේශීය කිරිබතට පොල් සමග හකුරු මිශ්‍රණයක් යොදාගැනීමෙන් සාදා ගත හැකිය. රසයෙන් ගුණයෙන් පරිපූර්ණ වු මෙම ආහාරය උදෑසන ආහාරයට හෝ හවස තේ වෙලාවට ඉතාමත්ම යෝග්‍ය වේ.
 
03. පොල් සම්බෝල: පොල් සමග, දෙහි, මිරිස්, උම්බලකඩ යහමින් කොටාගෙන සාදාගන්නා පොල් සම්බෝල බත්, ඉඳිආප්ප වැනි ආහාර සමග ආහාරයට ගත හැකිය.
 
04. පොල් රොටි: පොල් පිටිත් සමග මිශ්‍ර කර සාදාගන්නා ඉතා රසවත් ආහාරයක් වන අතර, මෙය සැරට මෙන්ම පැණි රසටද අනුභව කළ හැකි ආහාරයකි. උදෑසනට මෙන්ම රාත්‍රී ආහාරයටද යොග්‍ය වේ.
 
05. පිට්ටු: සාම්ප්‍රදායිකව සාදාගන්නා පිට්ටු යකඩ බම්බුවක් තුල තම්බාගෙන, උණු පොල් කිරි සමග හෝ ලුණු මිරිසක් සමග ආහාරයට ගත හැකි වන අතර, උදෑසන ආහාරයක් සහ රාත්‍රී ආහාරයක් ලෙස මෙය ප්‍රචලිතය.
Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish