
බොහෝ අවස්ථාවලදී, අත්දැකීම් අඩු කම නිසා මෙන්ම අතපසුවීම් නිසාද මුළුතැන්ගෙ හිදී මෙවැනි අපහසුතා වලට ලක්වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී චිකන් නාස්තියකින් තොරව පාවිච්චියට ගන්නේ කොහොමද කියල බලමු.
1. චිකන් වල පිටත හම ගලවාගන්න: මේ මඟින් චිකන් වල අභ්‍යන්තර මාංශ භාවිතයට ගත හැකි අතර එලෙස ඉතුරු වුන චිකන් නැවත රන් වන් පැහැයක් එනතුරු පිසගැනීමෙන් එය ආහාරයට ගත හැකි වෙනවා.
2.සෝස් වර්ගයක් සාදා ගැනීම: චිකන් වල පිලිස්සුන කොටස් කපා ඉවත් කර, දෙහි යුශ හෝ බැදගත් ලූනු අඩංගු සෝස් එකක් සාදාගෙන ඉතුරු චිකන් එයත් සමඟ හොදින් මිශ්‍ර කරගන්න. මෙමගින් චිකන් වලින් පිලිස්සුණු රසක් පැමිනීම වලක්වාගත හැකිය.
3.බටර් යොදාගන්න: පිලිස්සුණු කොටස් ඉවත් කිරීමෙන් පසු, බටර් උණු කර චිකන් මත තවරා ගැනීම මඟින් චිකන් වලට අලුත් සහ නැවුම් රසයක් එක් කර ගත හැකිය.
4. වෙනත් රෙසිපි එකක් සදහා පාවිච්චි කරන්න: පිලිස්සුණු කොටස් ඉවත් කිරීමෙන් පසුව ඉතුරු චිකන් පාවිච්චි කරල හදාගන්න පුලුවන් රසවත් රෙසිපි බොහෝමයක් තියෙනවා. සැලඩ්, පාස්තා වගේ වෙනත් රසවත් ආහාරයක් සඳහා ඉතුරු චිකන් පාවිච්චි කරන්න.