ඉතුරු වෙච්ච චිකන් වලින් රස වැඩක් කරමු

Share on facebook
Share on twitter
Share on linkedin

ඔයා ජීවත්වෙන්නේ තනියම නම් නැත්තං ඔයාගේ පවුල ටිකක් බරපතල නම් එහෙමත් නැත්තං ඔයාට ලිප ළඟටම වෙලා උය උයා ඉන්න වැඩිපුර කාලයක් නැත්තං සම්පූර්ණ රෝස්ට් චිකන් එකක් කියන්නේ ඔයාටම කියාපු රසම රස කෑමක්.ඕනිවෙන්නේ හරිම ආකාරයෙන් ලුණු-ඇඹුල් පදමත් එක්ක චිකන් එක හොඳටම රෝස්ට් වෙලා තියෙන එක විතරමයි.කලින් කියපු කොයි තත්වයක ඔයා හිටියත් මේ පදමට රෝස්ට් වෙච්ච චිකන් එකක් ඔයාට වේල් කිහිපයකට වගේම දවස් කිහිපයකටත් උදව් වෙනවා සහතිකයි.

එහෙම කාලා ඉතුරු වුන රෝස්ට් චිකන් එක ෆ්‍රිජ් එකටම දාලා බලාගෙන ඉන්නේ නැතුව රස වැඩ ටිකක් කරන්නත් බැරිකමක් නැහැ.හැමදාම එකම රසට චිකන් කන්නත් බැහැනේ.බලන්න මේ සිම්පල් ටිප්ස් ඔයාගේ රෝස්ට් චිකන් රස තවත් වැඩි කරනවා නේද කියලා.

1. සම්පූර්ණ චිකන් එකක් රෝස්ට් කලාට පස්සේ වෙන වෙනම කෑලි වෙන්කරලා තැබීමත් චිකන් රස නැවුම්ව තියාගන්න එක් හේතුවක් බව අමතක කරන්න එපා.

2. එහෙම වෙන් කරගත්ත චිකන්වලින් ඉතුරු වුන ටිකක් හොඳින් කැබලි වෙන්න කපාගෙන මයෝනෙස් සෝස් සහ ළූණු එක්ක හොඳින් මිශ්‍ර කරගන්න. (කොළපාට අමුමිරිස් ටිකක් එකතු කරගත්තා නම් තවත් රසයි.)සැන්ඩ්විච් හදාගන්න නම් මේ පේස්ට් එක මරු.

3. දැන් කලින් විදියටම හදාගත්ත පේස්ට් එක පොඩි ක්‍රැකර් එකක් උඩින් තියලා ඊට උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහගන්න.රසවත් වගේම ක්ෂණික කෑමක්.

4. කටු නැති චිකන් කෑලි කිහිපයක් තමයි මේකට අවශ්‍ය.දැන් පිටි ටිකක් තවරලා බැදගන්න.එළවළු ටිකක් එක්ක රසට කන්න නියමයි!

5. චිකන් කෑලි කිහිපයක් ඔලිව් තෙල්, ඩ්‍රයිඩ් හර්බ්ස්, බැදගත් සුදුළූණු සහ පදමට ලුණු -මේ සේරම බ්ලෙන්ඩ් කරගන්න.ක්‍රීම් ආකාරයේ පේස්ට් එකක් ආකාරයට හදාගත්ත මේ හෝම්-මේඩ් සෝස් එක කැමති විදියට රස විඳින්න.

6. හතරැස් කොටු ආකාරයෙන් කපාගත් චිකන් කැබලි තම්බාගත් පැස්ටා, ඔලිව් තෙල් සහ වියළි මිරිස් කැබලිත් එක්ක මිශ්‍ර කරලා ගත්තම රසවත් පැස්ටා ඩිෂ් එකක් හදාගන්න පුළුවන්.

7. වම්බටු ගෙඩියක් හරි බෙල්පෙපර් එකක් මේකට අවශ්‍යයි.හරි මැදින් පලාගත්ත වම්බටු හරි බෙල්පෙපර් ගෙඩියේ මදය ඉවත් කරගන්න.ඊට පස්සේ කුඩාවට කපාගත්ත චිකන් ටිකක් මදය වෙනුවට පුරවලා ඊට උඩින් ඔලිව් තෙල් ටිකක් තවරලා ඊටත් උඩින් චීස් ටිකක් දාගන්න.මිනිත්තු 15-20ක් බේක් කරලා ගත්තම..ම්..ම්..රසම රස ෆිලින්ග් මීල් එකක්.

8. ඉතුරු වුන එළවළු සහ චිකන්, බත් එක්ක එකතු කරලා ලේසියෙන්ම ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න.

9. මැගී නූඩ්ල්ස් එකට වගේම සුප් එකට වුණත් ඉතුරු වුන චිකන් වලින් හරිම අපූරු රසයක් එකතු කරන්න පුළුවන්.

10. හෝම්-මේඩ් චිකන් ස්ටොක් එකක් හදාගන්න ඕනි නම්, කටු සහිත කුඩා චිකන් කැබලි කිහිපයක් සුදුළූණු සහ ලුණුත් එක්ක වතුරේ තම්බාගන්න.

Nethmi Rodrigo

Nethmi Rodrigo

Leave a Replay

Sign up for our Newsletter

Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit

0
Would love your thoughts, please comment.x
()
x
en_USEnglish